නාමල් කුමාර ව ජනවාරි 23 වැනි දා අධිකරණයට පමුණුවන ලෙසට නියෝගයක්

එල්.ටි.ටි.ඊ සංවිධානයේ පෝස්ට් මුහුණු පොත තුළින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ජාතීන් අතර සංහිඳියාව බිඳී යන කරුණු සමාජගත කිරීමේ සිද්ධියක් සම්බන්ධව වන පැමිණිල්ලකට අදාළ ව “නාමල් කුමාර” යන අය ලබන 23 වැනිදා දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (21) නියෝග කළා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ .බණ්ඩාර මහතා කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදුකළ කරුණු දැක්වීමක් සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළා.

සැකකරු මේ චෝදනාවට හා සමාන වරදක් කිරීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත්, නාමල් කුමාර මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම් කර ඇති බැවින් ලබන 23 වැනි දින ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

අත්තනායක මුදියන්සේලාගේ නාමල් කුමාර යන සැකකරු ඔහුගේ නමින්, ඔහුගේ බිරිඳ හා බිරිඳගේ මවගේ නමින් මිල දී ගත් දුරකථන සිම්පත් භාවිතා කර ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන ගොස් ඇති බවත්, එමගින් එල්ටීටීඊ සංවිධානයේ ධජ, ක්‍රියාකාරකම්, ලාංඡන හා වෙනත් තොරතුරු ප්‍රචාරය කරමින් ජාතීන් අතර සංහිඳියාව බීදී යන ආකාරයේ පෝස්ට් පළකර ඇති බවත් විමර්ශන නිලධාරීන් කරුණු දක්වමින් අධිකරණයට පවසා සිටියා.

සැකකාර නාමල් කුමාර යන අයගේ නමින් හා වෙනත් අනුවර්ත නාමවලින් පවත්වාගෙන ගිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔහු විසින්ම හසුරුවා ඇති බවට විමර්ශනවලින් අනාවරණය වූ හෙයින් මෙම පැමිණිල්ල ගොනු කරන බවත් විමර්ශන නිලධාරීන් දන්වා සිටියා.

සැකකරු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බවට සාක්ෂි මඟින් අනාවරණය වන හෙයින් මෙම පැමිණිල්ල ගොනු කරන බව ද ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කරන ලෙස ද විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34