නාමල් ඇතුළු 7කගේ පාස්පෝට් උසාවියට

සිය නීතිඥවරුන් මාර්ගයෙන් හිටපු ඇමැතිවරුන් වන නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නි ආරච්චි, සී.බී. රත්නායක, රෝහිත අබේගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සංජීව එදිරිමාන්න, සම්පත් අතුකෝරළ, සබරගමුව පළාත් සභාවේ හිටපු පළාත් සභා සභාපති කංචන ජයරත්න යන 07 දෙනා සිය විදේශ ගමන් බලපත්‍ර, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (24 වැනිදා) භාර දී තිබේ. ඒ අධිකරණය මගින් විදෙස් ගමන් තහනම් කර ඇති හේතුවෙන්

ගාලුමුවදොර ගෝඨාගෝ ගම සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝ ගම සාමකාමී විරෝධතාවල නියැළී සිටි පුද්ගලයන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු 17 දෙනකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස නියෝග කළ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර වහාම අධිකරණයට භාර දෙන ලෙස නියෝග කර තිබුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !