නාඳුනන මළසිරුරු දෙකක් ප්‍රදේශ දෙකකින් හමුවෙයි

මග්ගොන, පැලපොල්ගහවත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළට සමීප ගල්වැටිය අසල අද(19) පෙරවරුවේ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වූ බව පයාගල පොලිසිය පවසනවා.

මියගිය පුද්ගලයා කාගේ කවුද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි පැවසෙන්නේ.

අප දසත වාර්තාකරු සඳහන් කළේ; වයස අවුරුදු 65ක පමණ පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

මුහුදු වෙරළ අයිනේ සිරුර ගොඩ ගසා තිබූ ස්ථානයට බේරුවල හදිසි මරණ පරීක්ෂක සහ පයාගල පොලිසිය, කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ සිදු කර තිබෙනවා.

එම මෘත ශරීරය පිළිබඳ මූලික මරණ පරීක්ෂණය බේරුවල හදිසි මරණ පරීක්ෂකවරයා විසින් සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණයට හා සිරුර හඳුනා ගැනීමට කළුතර නාගොඩ ශික්‍ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙස පයාගල පොලිසියට දැන්වූ බව හදිසි මරණ පරීක්ෂකවරයා මාධ්‍යයට පැවසූ බවයි වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර කුරුණෑගල – පුත්තලම තිත්තවැල්ල වැවේ ගිලී තිබූ නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් ගොඩගෙන තිබෙනවා.

අප දසත වාර්තාකරු පැවසුවේ අද පෙරවරුවේ මෙම මළසිරුර ප්‍රදේශවාසීන් විසින් පොලිසියට සිදු කරන ලද දැනුම්දීමක් මත ගොඩගත් බවයි.

මෙලෙස මියගොස් ඇත්තෙ කවුරුන් දැයි මෙතෙක් නිශ්චිත ව හඳුනාගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?