Empty Ad
AFC Banner
Empty Ad

නාගලගම් වීදියේ වෙඩි තැබීමට 31 හැවිරිදි අයෙක් අල්ලයි

පසුගිය මාර්තු 17 වනදා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම් වීදියේ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් ඊයේ (23) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 31 හැවිරිදි වියේ පසුවන අයෙක්.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගනිමින් අපරාධය වූ ස්ථානය කැඳවාගෙන ඇත්තේ මෙම සැකකරු බවයි හෙළි වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සමඟ ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පසුගිය මාර්තු 17 වනදා රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම් වීදිය ප්‍රදේශයේ දී යතුරුපදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදුකර පලාගොස් තිබුණා.

මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරියක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?