කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ නාගරික මන්ත්‍රීවරියක් වන යූ. සඳමාලි මහත්මියට මාලිමාවේ ආධාරකරුවන් පිරිසක් විසින් පහර දී ඇති බවට ඇය චෝදනා කරනවා.
පහරකෑමෙන් තුවාල ලැබූ නාගරික මන්ත්‍රීවරිය මේ වනවිට ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
නව නාගරික මන්ත්‍රීවරියගේ පත්වීම සැමරීමට විශේෂ පිළිගැනීමේ උත්සවයක් ඊයේ (16) රාත්‍රියේ දී සංවිධානය කර තිබුණා.
එම පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ දී ඇයගේ බෙල්ලෙන් සහ කෙස් වැටියෙන් අල්ලා බිම දමා මාලිමා ආධාරකරුවන් පිරිස පහර දුන් බවයි පහරකෑමට ලක් වූ නාගරික මන්ත්‍රීවරිය චෝදනා කරන්නේ.
ඇයට පහරදෙන බව ආරංචි වූ ඇයගේ ස්වාමිපුරුෂයා ද එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී මාලිමා ආධාරකරුවන් විසින් ඔහුට ද පහර දී ඇති බවට නාගරික මන්ත්‍රීවරිය ප්‍රකාශ කළා.





