නාගරික මන්ත්‍රීවරියකට මාලිමා ආධාරකරුවන් පිරිසක් එක්ව බිම දමාගෙන ගුටි දෙති – මන්ත්‍රීවරිය රෝහලට

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ නාගරික මන්ත්‍රීවරියක් වන යූ. සඳමාලි මහත්මියට මාලිමාවේ ආධාරකරුවන් පිරිසක් විසින් පහර දී ඇති බවට ඇය චෝදනා කරනවා.

පහරකෑමෙන් තුවාල ලැබූ නාගරික මන්ත්‍රීවරිය මේ වනවිට ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

නව නාගරික මන්ත්‍රීවරියගේ පත්වීම සැමරීමට විශේෂ පිළිගැනීමේ උත්සවයක් ඊයේ (16) රාත්‍රියේ දී සංවිධානය කර තිබුණා.

එම පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ දී ඇයගේ බෙල්ලෙන් සහ කෙස් වැටියෙන් අල්ලා බිම දමා මාලිමා ආධාරකරුවන් පිරිස පහර දුන් බවයි පහරකෑමට ලක් වූ නාගරික මන්ත්‍රීවරිය චෝදනා කරන්නේ.

ඇයට පහරදෙන බව ආරංචි වූ ඇයගේ ස්වාමිපුරුෂයා ද එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී මාලිමා ආධාරකරුවන් විසින් ඔහුට ද පහර දී ඇති බවට නාගරික මන්ත්‍රීවරිය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
1
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?