Empty Ad
AFC Banner
Empty Ad

නව වසරේ අලුත් පරිවර්තනයකට ලක් කිරීමේ අභියෝගය රජය සතුයි – ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන අරඹමින් ජනපතිගෙන් ප්‍රකාශයක්

2025 ලැබූ නව වසරේ අලුත් පරිවර්තනයකට ලක් කිරීමේ අභියෝගය රජය සතුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ජාතික වැඩසටහන අරඹමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එම අභියෝගය ඉටු කිරීම වෙනුවෙන් මුළු දේශපාලන අධිකාරියම පෙනී සිටින බවත්; නව දේශපාලන සංස්කෘතියක් තුළින් නව වසර ආරම්භ කර ඇති බව ද හෙතෙම මෙහිදී උත්සව සභාව අමතමින් පෙන්වා දුන්නා.

නීතිය විධානය අධිපාත්‍ය යළි තහවුරු කිරීම වෙනුවෙන් රජය විශාල වෙහෙසක් දරමින් සිටින බව ද පැවසු ජනාධිපතිවරයා, අල්ලස හා දුෂණය පිළිකාවක් ලෙස මුළු මහත් රාජ්‍ය පුරා ම පැතිරී ඇතැයි ප්‍රකාශ කළා.

යළිත් රට දූෂණයෙන්, වංචාවෙන් තොර රාජ්‍යයක් බවට පත් කිරීමේ ප්‍රධානතම නියමු කාර්ය භාරයක් නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ පද්ධතිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරී ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

දූෂණය හා වංචාව නතර කිරීමට දේශපාලන අධිකාරියේ මැදිහත්වීම හා ආදර්ශය පමණක් ප්‍රමාණවත් නොවන බවයි ජනාධිපතිවරයාගේ අදහස වන්නේ.

ඒ සඳහා රාජ්‍ය ආයතන තමන්ට පැවරී ඇති වගකීම නිසි පරිදි තේරුම් ගෙන ඊට සහාය ලබාදිය යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

එළැඹෙන අයවැයෙන් දුප්පත්භාවය තුරන් කරන නව ආර්ථික වැඩපිළිවෙළක ආරම්භය සනිටුහන් කරන බවත්, දෙවැනුව රට ඩිජිටල්කරණයට ලක් කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

තුන්වන වැඩසටහන Clean Sri Lanka වැඩසටහන බවත් සමස්ත ගරා වැටුණු දිරාවැටුණු මාතෘ භූමිය යළි ප්‍රතිෂ්ඨාපනය සඳහා සෑම අංශයක ම සිදු කරන පිරිසිදුභාවය මෙහි අරමුණු බව ද ජනාධිපතිවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52

?