නව පොලිස්පතිවරයාට අදාළ පත්වීමේ ලිපිය පිරිනැමේ (වීඩියෝ)

මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස පත් වූ නීතිඥ ප්‍රියන්ත වීරසූරියට අදාළ පත්වීමේ ලිපිය, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (13) පිරිනමා තිබෙනවා.

ඒ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින්.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61 E (b) වගන්තියට අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව මෙම පත්වීම සිදුකර තිබෙනවා.

පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම තනතුර භාරගැනීමට පෙර, පොලිස් කොස්තාපල්, නියෝජ්‍ය පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී යන ප්‍රධාන නිලයන් තුනම හෙබ වූ පළමු නිලධාරියා ඔහුයි.