නව තානාපතිවරියන් දෙදෙනෙකුට සහ අමාත්‍යාංශ ලේකම්වරයෙකුට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

දූත මණ්ඩල ප්‍රධානීන් දෙදෙනෙකුගේ සහ අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ නාමයෝජනාවලට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, ඉතියෝපියා ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තානාපතිවරිය සහ අප්‍රිකානු සංගමයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස නම් කරන ලද නිර්මලා ඉන්දුමතී ඩයස් පරණවිතානගේ සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා නව තානාපති ලෙස නම් කරන ලද මහාචාර්ය මොහම්මද් ඉබ්‍රාහිම් ෆසීහා අස්මිගේ නාමයෝජනා අනුමත කර තිබෙනවා.

ඊට අමතරව, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.ඒ්. විමලේන්තිරරාජාගේ පත්කිරීම සඳහා ද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (20) එම කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?