නව කෘෂිකාර්මික ණය යෝජනා ක්‍රමයකට කැබිනට් අනුමැතිය හිමිවෙයි

කෘෂිකාර්මික ප්‍රජාවගේ ජීවන තත්ත්වය සහ දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකර්ම අංශයෙන් ලැබෙන දායකත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ‘කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන’ (SAPP), ශ්‍රී ලංකා රජයේ සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදලේ මූල්‍ය දායකත්වය යටතේ ක්‍රියාත්මක වනවා.

එම වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබනවා.

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන යටතේ ලබා දී ඇති ණයවල සියලුම අයකර ගැනීම්, කෘෂිකාර්මික ණය ලබා දීම සඳහා වෙන් වූ ‘තිරසර කෘෂි අරමුදල’ යනුවෙන් නම් කරනු ලැබ ඇති චක්‍රීය අරමුදලකට යොමු කරනු ලබනවා.

එකී අරමුදල භාවිත කරමින් කෘෂිකර්මාන්තයේ සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම්වල නියැලී සිටින පුද්ගලයන් සහ ආයතන සඳහා ‘තිරසර කෘෂි වැඩසටහන’ නමින් කෘෂිකාර්මික ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

තිරසර කෘෂි අරමුදලේ පවතින අරමුදල්වලින් රුපියල් මිලියන 800ක මුදලක් ‘ තිරසර කෘෂි වැඩසටහන’ සඳහා 2026 වසරේ ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කිරීමට අපේක්ෂිත බවයි පැවසෙන්නේ.

ඒ අනුව, ‘තිරසර කෘෂි වැඩසටහන’ ණය යෝජනා ක්‍රමය සහභාගිත්ව මූල්‍ය ආයතන මඟින් 2026 වර්ෂයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද්දේ නිසාද ලංකාවේ තෙල් අවුල ඇතිවුණේ ?මෙන්න මෙහෙමයි තෙල් අර්බුදය ඇතිවුණේ
Video thumbnail
බිමල් දැන් හිනාවෙන්නේ නෑනේ - ආයේ හිනාව ගන්න ඕනේ
05:30
Video thumbnail
චෙම්මනි සමූහ මි#ණී වළ ගැන බිමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..අප්‍රේල් 20 සිට නැවත කැණීම් ආරම්භ කරනවා
05:28
Video thumbnail
ඉන්ධන අර්බුධයක් ඇතිකළේ විපක්ෂය
03:34
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විපක්ෂයට ආරාධනාවක්
13:05
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි
00:49
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:30
Video thumbnail
ඉන්ධන ප්‍රශ්නයෙන් රෝහලුත් වැසෙයිද ?..ඉදිරි පැය 48ක කාලය ඉතාම තීරණාත්මකයි
09:31
Video thumbnail
අපිට දොස් කියලා වැඩක් නෑ - රට භාරගත්තා නම් වැඩ කරන්න
02:23
Video thumbnail
වේදනයි වේදනයි ඇත්ත කියනකොට - සමන්ත විපක්ෂයට කටඋත්තර නැතිවෙන්නම දෙයි
04:02