නව කෘෂිකාර්මික ණය යෝජනා ක්‍රමයකට කැබිනට් අනුමැතිය හිමිවෙයි

කෘෂිකාර්මික ප්‍රජාවගේ ජීවන තත්ත්වය සහ දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකර්ම අංශයෙන් ලැබෙන දායකත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ‘කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන’ (SAPP), ශ්‍රී ලංකා රජයේ සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදලේ මූල්‍ය දායකත්වය යටතේ ක්‍රියාත්මක වනවා.

එම වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබනවා.

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන යටතේ ලබා දී ඇති ණයවල සියලුම අයකර ගැනීම්, කෘෂිකාර්මික ණය ලබා දීම සඳහා වෙන් වූ ‘තිරසර කෘෂි අරමුදල’ යනුවෙන් නම් කරනු ලැබ ඇති චක්‍රීය අරමුදලකට යොමු කරනු ලබනවා.

එකී අරමුදල භාවිත කරමින් කෘෂිකර්මාන්තයේ සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම්වල නියැලී සිටින පුද්ගලයන් සහ ආයතන සඳහා ‘තිරසර කෘෂි වැඩසටහන’ නමින් කෘෂිකාර්මික ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

තිරසර කෘෂි අරමුදලේ පවතින අරමුදල්වලින් රුපියල් මිලියන 800ක මුදලක් ‘ තිරසර කෘෂි වැඩසටහන’ සඳහා 2026 වසරේ ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කිරීමට අපේක්ෂිත බවයි පැවසෙන්නේ.

ඒ අනුව, ‘තිරසර කෘෂි වැඩසටහන’ ණය යෝජනා ක්‍රමය සහභාගිත්ව මූල්‍ය ආයතන මඟින් 2026 වර්ෂයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට ගොඩගන්න ක්‍රියාවලියට, ඉන්දීය විදේශ කටයුතු ඇමති, අගමැති හරිනිව හමුවෙයි
01:38
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ පාරේ කාපට් දාන්න ආ ටිපර් රථයක් ගිනිබත් වෙයි..
02:58
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති අනුරව හමුවෙයි
02:04
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලාගෙන කරන පත්වීම් සියල්ල නීති විරෝධියි
07:33
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28


?