නව කැලණි පාලමේ විදුලි ආලෝක රටා මෙන්න

මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස 2014 වසරේදී මූලික සැලසුම් සකස් කර ගිවිසුම් අත්සන් කල ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කරන ලෙස විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා 2021-07-04 දින උපදෙස් ලබා දෙන ලදී.

මෙම නව කැළණි පාලම ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන ප්‍රධාන සාධකයක් වන නිසාත් කැළණි ගගේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරිම සදහා විදුලි ආලෝකකරණය ඉවහල් වන බව අමාත්‍යවරයාගේ අදහස විය.

දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවදානය යොමු කර ඒවා අප රටට සුදුසු නම් එම ක්‍රමවේදයන් මේ නව කැළණි පාලම සදහා යොදා ගන්නා ලෙස උපදෙස් ලබාදුනි.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලබාදුන් උපදෙස් මත මේ වන විට නව කැළණි පාලම විදුලි ආලෝකකරණය කර ඇත.

09-13 වන ඊයේ දින එම විදුලි ආලෝකකරණ පද්ධතිය අත්හදා බැලීමේ කටයුතු සිදු කරන ලදී.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09