නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය විෂය නිර්දේශයේ සංශෝධනයක් පමණක් නෙවෙයි – අධ්‍යාපන ලේකම්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යනු, හුදු විෂය නිර්දේශයේ සංශෝධනයක් පමණක් නොවන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව පවසනවා.

21 වන ශතවර්ෂයට මුහුණ දිය හැකි සම්පූර්ණ දැනුමක් සහිත දරුවෙක් බිහි කිරීම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ අරමුණ බවයි ලේකම්වරයා සඳහන් කර සිටියේ.

මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී මූල්‍ය සාක්ෂරතාව සහ ව්‍යවස්යකත්වය සම්බන්ධ විෂයන් පිළිබඳව වැඩි අවදානයක් යොමුව ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර එළඹෙන වසරේ දී හඳුනවාදීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ අනිවාර්ය විෂයන් පහක් ඇති බවත්; විෂයන් දෙකක් තෝරාගැනීමට හැකියාව ඇති බවයි අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද (18) පැවති ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොම්ෂන් සභාව, මුදල් අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධානය කළ මූල්‍ය සාක්‍ෂරතාවය පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?