නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී දහම් අධ්‍යාපනයට විශේෂ ස්ථානයක්

අධ්‍යාත්මික දරු පරපුරක් නිර්මාණය කිරීම සඳහා දහම් අධ්‍යාපනය නගාසිටුවීමට රජය විසින් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව ආගමික හා සංහිඳියාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් රාජපක්ෂ මහතා පවසනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී දහම් අධ්‍යාපනයට විශේෂ ස්ථානයක් හිමි වන බවයි ඔහු ප්‍රකාශ කළේ.

ආගමික හා සංහිඳියාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම ඒක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් රාජපක්ෂ මහතා,

තිස් වසරක යුද්ධය නිමා වීමෙන් පසුව රට තුළ සංහිඳියාව ගොඩනැඟීම සඳහා පැවති රජයන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබුවා. නමුත් පාස්කු ප්‍රහාරය සමඟ රටේ ජනතාව අතර විවිධ මතවාද ඇති වීමට පටන් ගත්තා. ඒ නිසාම නැවත ආගමික හෝ ජාතික වශයෙන් යුද්ධයක් ඇති නොවීමට නම් රට තුළ සංහිඳියා වැඩපිළිවෙළ ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා ආගමික හා සංහිඳියාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට විශාල වගකීමක් පැවරී තිබෙනවා.

රට තුළ සංහිඳියාව ඇති කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අප කටයුතු කළා. එම යෝජනාවකට අනුව ජාත්‍යන්තර වෙසක් උත්සවය සියලුම ජාතීන් වෙසෙන පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැත්වීමට කටයුතු කළා.

අධ්‍යාත්මික ගුණගරුක සමාජයක් ගොඩනැඟීම මෙන්ම සංහිඳියා වැඩපිළිවෙළ දරුවන් අතරට ගෙන යා යුතුයි. එහිදී ආගමික නායකයන්ට විශාල වගකීමක් පැවරී තිබෙනවා.

දැනට බෞද්ධ දරුවන් ලක්ෂ 22ක්, ක්‍රිස්ත්‍රියානි දරුවන් ලක්ෂ 2ක්, ඉස්ලාම් දරුවන් 60,000ක් හින්දු දරුවන් ලක්ෂ 2ක් දහම් අධ්‍යාපනයට යොමුව තිබෙනවා. එය හොඳ ප්‍රවණතාවයක් බව කිවයුතුයි. මෙය තවත් ඉහළ මට්ටමකට ගෙන යාමට දහම් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීමට යෝජනා කර තිබෙනවා.

ඒ වගේම දහම් අධ්‍යාපනය පාසල් අධ්‍යාපන විෂය ධාරවට එක් කිරීමටත්, ඒ අනුව ප්‍රමුඛතා ලකුණු ක්‍රමයක් හඳුන්වාදීමටත් යෝජනා කර තිබෙනවා. මෙම යෝජනා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙරට ජාතිය සංහිඳියාව පෝෂණය කිරීම මෙම සියලු ක්‍රියාමාර්ගවල අරමුණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34