නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල ඉලක්කයක් – තීක්ෂණගෙන් කඩුලු ත්‍රිත්වයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර දෙවන එක්දින තරගය අද (08) හැමිල්ටන් හිදී ආරම්භ වුණා.

වර්ෂාව හේතුවෙන් තරගය පැය 02 ක පමණ ප්‍රමාදයකින් පසු ආරම්භ වූ අතර, තරගයේ එක් ඉනිමක් පන්දුවාර 37කට සීමා සීමා කිරීමටයි විනිසුරුවරුන් තීරණය කළේ.

තරගයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වූ අතර,ඔහුගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 37 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 255ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී නවසීලන්ත ඉනිම වෙනුවෙන් ආරම්භ පිතිකරු රචින් රවීන්ද්‍ර ලකුණු 79ක් රැස්කළ අතර, මාර්ක් චැප්මන් ලකුණු 62ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ කඩුලු 04ක් බිඳ දැමූ අතර, වනිඳු හසරංග කඩුලු 02 ක් සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් දවාගත්තා.

මහීෂ් තීක්ෂණ මෙහිදී කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීම ද විශේෂත්වයක්.

මිචෙල් සැන්ට්නර්, නේතන් ස්මිත් සහ මැට් හෙන්රි යන පිතිකරුවන් තීක්ෂණගේ කඩුලු ත්‍රිත්වයේ ගොදුරු බවට පත් වුණා.

ඒ, අනුව ශ්‍රී ලංකාවට තීරණාත්මක මෙම තරග ජයගැනීමට පන්දුවාර 37ක් තුළ ලකුණු 256ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?