Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුව පොලිස් වසමේ කොරතොට ප්‍රදේශයේ දී ඊයේ (16) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.

වෙඩි වැදුණු එම පුද්ගලයා නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහල වෙත මාරුකර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 26ක වූ කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැක කරන අතර, වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන් සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.