නලින්ද රට ගිහිං එනකං හංසක විජේමුණි ව ධුරයේ වැඩබැලීමට පත් කෙරේ

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙනුවෙන් වැඩබැලීම සඳහා
වෛද්‍ය හංසක විජේමුණි මහතා ව පත් කර තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අද (19) දිනයේ දී ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කරන ලද බවයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වැනි වාර්ෂික මහා සමුළුවට එක්වීම සඳහා ගොස් ඇති බැවින් මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.

මෙම පත් කිරීම වලංගු වන්නේ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා දිවයිනට යළි පැමිණෙන තෙක් පමණි.

වෛද්‍ය හංසක විජේමුණි යනු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.

ඔහු සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසට ද කටයුතු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?