නයිජීරියාවේ ඉන්ධන ගබඩාවක සිදුවූ පිපිරීමෙන් පසු එරට රජය ගත් තීරණය

පසුගිය සෙනසුරාදා (23) දකුණු බෙනින් ප්‍රදේශයේ ඉන්ධන ගබඩාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙම පිපිරීමෙන් පසු අනෙකුත් ප්‍රදේශවල මෙවැනි අනතුරු සිදුවීම වැළක්වීම සඳහා එරට රජය සියලු ඉන්ධන ගබඩා පහසුකම් අධීක්ෂණය කිරීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

රට පුරා පෙට්‍රල් ගබඩා කිරීම සහ විකිණීම සම්බන්ධ ජාවාරම් ක්‍රියාකාරකම් සීමා කිරීම සඳහා එරට රජය විසින් දැනුවත් කිරීම සහ ගෙන ඇති ක්‍රියාමාර්ග නොතකා, ඇතැම් පුද්ගලයින් නුසුදුසු ස්ථානවල පෙට්‍රල් ගබඩා කිරීම දිගටම කරගෙන යන බවද විදෙස් මාධ්‍ය පවසනවා

සෙනසුරාදා සිදුවූ අනතුරින් අවම වශයෙන් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !