spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නම නැති නම් ජූලි 10 වැනිදාට පෙර අභියාචනා කරන්න

අස්වැසුම සමාජ සුබසාධන දීමනාව ලබා ගැනීමට සුදුසුකම් ලැබුවද යෝජිත නාම ලේඛනයේ නම ඇතුළත් වී නොමැති නම් ජූලි 10 වැනිදාට පෙර අභියාචනා කරන ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජනතාව පාරට බස්සවා උද්ඝෝෂණ කරනවා වෙනුවට ඔවුන් අභියාචනා කිරීමට උනන්දු කරන ලෙස දේශපාලන චරිතවලින් ඉල්ලා සිටින බවද ඇමැතිවරයා කීය.

ඒ මහතා මේ බව පැවසුවේ 28 දින කොළඹ එම අමාත්‍යාංශයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“අස්වැසුම සුබසාධන දීමනාව සඳහා නාම ලේඛණය සකස් කිරීමේදී වතුකරයේ ජනතාවට විශේෂත්වයක් ලබා දෙන ලෙසට අපි ඉල්ලීමක් කළා. අපි ලෝක බැංකුව සහ මුදල් රාජ්‍ය අමාත්‍ය සෙහාන් සමරසිංහ මහතා සමඟත් මේ සම්බන්ධයෙන් කතා කරලා විසඳුමක් ලබා ගත්තා. පසුගිය කාලයේ නොසලකා හැර තිබූ අතර මෙවර එම අඩුපාඩුව නිවැරදි කර තිබෙනවා.

අස්වැසුම ව්‍යාපෘතිය වර්ජනය කර ඇතැයි පවසමින් තලවාකැලේ ප්‍රදේශයේ විරෝධතාවක් පවත්වා තිබේ. මේ පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් තිබෙන බව පෙනෙනවා. අසත්‍ය තොරතුරු ද ප්‍රචාරය වෙමින් පවතිනවා.

මේක අපිට පිළිගන්න බෑ. ඇස්වැසුම යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ජුලි 10 වැනිදා දක්වා අභියාචනා ඉදිරිපත් කළ හැකියි. එය ‘ඔන්ලයින්’ හරහා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සිදු කළ හැකියි. කෙනෙකුගේ නම ලැයිස්තුවෙන් ඉවත් කළහොත් එම පුද්ගලයාට අභියාචනා සහන ලබා ගත හැකියි. මෙම යෝජනා ක්‍රමය සඳහා වතු ජනතාවගෙන් 52 %ක් ඉල්ලුම් කර තිබුණි. නමක් නැතිනම් කරුණාකර අපට දන්වන්න. එසේ නොමැතිනම් ඔබට අභියාචනා කළ හැකිය. අපිත් තොරතුරු එකතු කරනවා.

නමුත් මේ සමාජ සුබසාධන වැඩපිළිවෙළ දේශපාලනීකරණය කරලා ජනතාව දේශපාලනය කරන්න පොළඹවන්න සමහරු උත්සාහ කරනවා. මෙය පිළිගත නොහැකිය. වැරදි සිදුවී ඇත්නම් අභියාචනා කිරීමට ජනතාව දිරිමත් කිරීම දේශපාලනඥයන්ගේ වගකීමක්.” යැයි තොණ්ඩමන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?