AFC Banner
AFC Banner
Empty Ad

නත්තල් සාදයේ පුද්ගල ඝාතනයක්

වැලිකඩ, විජිතපුර මාවත, වල්පොල ප්‍රදේශයේ ඊයේ (25) රාත්‍රියේ පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ වල්පොල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 45ක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා නත්තල් දා රාත්‍රියේ තවත් පුද්ගලයින් තිදෙනෙකු සමඟ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, එහිදී සිදුවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අංගොඩ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෘත ශරීරය මුල්ලේරියාව රෝහලට යොමුකර ඇති අතර වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?