නඩු භාණ්ඩයක් සොරකම් කර පෙම්වතාට තෑගි දුන් අධිකරණ නිලධාරිනිය සිපිරිගෙට

නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ වටිනා දුරකථනයක් සොරකම් කර සිය පෙම්වතාට තෑගි දුන් අධිකරණ නිලධාරිනිය ජනවාරි 09 දක්වා රක්ෂිත බන්ධනාගාරයට නියම වී තිබෙනවා.

නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ වටිනා දුරකථනයත් අස්ථානගත වීම සම්බන්ධව නුවරඑළිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ සේවයේ නියුතු කාන්තාවක් නඩු භාණ්ඩයක් වන වටිනා ජංගම දුරකථනයක් සොරාගෙන සිය පෙම්වතාට තෑගි වශයෙන් ලබා දී ඇති බවයි.

නඩු භාණ්ඩ කාමරයේ වටිනා දුරකථනයක් අස්ථානගත වීම සම්බන්ධව පසුගිය (22) දින නුවරඑළිය පොලිසියට
නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ඇරඹුණා.

නිලධාරීන් විසින් දුරකතන දත්ත පරීක්ෂා කර ලබාගත් තොරතුරු අනුව අස්ථානගත වූ දුරකථනය භාවිතා කළ
පුද්ගලයා සොයාගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ සේවය කරන සිය
පෙම්වතිය විසින් අදාළ දුරකථනය තමන්ට තෑගි වශයෙන් දුන් බවටයි හෙළි ව ඇත්තේ.

ඉන් අනතුරුව නඩු භාණ්ඩ කාමරයේ තිබූ වටිනා දුරකථනය සොරා ගත්තා යැයි පවසන කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (30) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර කාන්තාව එළඹෙන ජනවාරි මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාංගනී මෙනවිය නියෝගයක් ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
12
+1
1
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?