නඩු භාණ්ඩයක් සොරකම් කර පෙම්වතාට තෑගි දුන් අධිකරණ නිලධාරිනිය සිපිරිගෙට

නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ වටිනා දුරකථනයක් සොරකම් කර සිය පෙම්වතාට තෑගි දුන් අධිකරණ නිලධාරිනිය ජනවාරි 09 දක්වා රක්ෂිත බන්ධනාගාරයට නියම වී තිබෙනවා.

නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ වටිනා දුරකථනයත් අස්ථානගත වීම සම්බන්ධව නුවරඑළිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ සේවයේ නියුතු කාන්තාවක් නඩු භාණ්ඩයක් වන වටිනා ජංගම දුරකථනයක් සොරාගෙන සිය පෙම්වතාට තෑගි වශයෙන් ලබා දී ඇති බවයි.

නඩු භාණ්ඩ කාමරයේ වටිනා දුරකථනයක් අස්ථානගත වීම සම්බන්ධව පසුගිය (22) දින නුවරඑළිය පොලිසියට
නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ඇරඹුණා.

නිලධාරීන් විසින් දුරකතන දත්ත පරීක්ෂා කර ලබාගත් තොරතුරු අනුව අස්ථානගත වූ දුරකථනය භාවිතා කළ
පුද්ගලයා සොයාගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ සේවය කරන සිය
පෙම්වතිය විසින් අදාළ දුරකථනය තමන්ට තෑගි වශයෙන් දුන් බවටයි හෙළි ව ඇත්තේ.

ඉන් අනතුරුව නඩු භාණ්ඩ කාමරයේ තිබූ වටිනා දුරකථනය සොරා ගත්තා යැයි පවසන කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (30) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර කාන්තාව එළඹෙන ජනවාරි මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාංගනී මෙනවිය නියෝගයක් ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
12
+1
1
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40