spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ධීවරයින්ට නොමිලේ භූමිතෙල් බෙදාදීම ඇරඹෙයි

චීන රජය විසින් ශ්‍රී ලංකාවේ ධීවරයින් වෙත නොමිලේ බෙදාදීමට ලබාදුන් භූමිතෙල් ධීවරයින් වෙත ලබාදීම අද (23) ආරම්භ වුණා.

මෙය පානදුර ධීවර වරායේ දී ආරම්භ වුණේ චීන තානාපති සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ ප්‍රධානත්වයෙන්.

චීන රජය විසින් භූමිතෙල් ලීටර් මිලියන හතරක් ලබාදී ඇති අතර, එක් ධීවරයෙක්ට ලීටර් 150 බැගින් ලබාදීමට මෙහිදී කටයුතු කරනවා.

ධීවර පවුල් 27000 කට එම භූමිතෙල් ලබාදීමට නියමිත බවයි ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආර් එම් අයි රත්නායක සඳහන් කළේ.

මේ අතර ධීවර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා බැටරි මගින් ක්‍රියා කරන ධීවර එන්ජින් බෝට්ටුවක් ද හඳුන්වාදීම ද අද සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?