ධීවරයින්ට දැනුම්දීමක්

ධීවර දෙපාර්තමේන්තුව පවසන්නේ ගිනිකොන සහ උතුරු ආරාබි මුහුදු ප්‍රදේශයේ අවදානම් සුළං තත්ත්වයක් නිර්මාණය වෙමින් පැවතිම හේතුවෙන් උතුරු අක්ෂාංශ 7 රේඛාවෙන් ඉහළ ධීවර කටයුතු කරන සියලුම බහුදින ධීවර යාත්‍රා හැකි ඉක්මනින් පහළ සාගර කලාපය වෙත ගමන් කරන ලෙසටයි.

එම ප්‍රදේශයේ තිබෙන සියලුම යාත්‍රා හිමිකරුවන් වෙත තම ධීවර යාත්‍රා සඳහා ගුවන් විදුලි පණිවිඩ ලබාදෙන ලෙස සියලුම යාත්‍රා හිමිකරුවන් වෙත දැනුවත් කර ඇති බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මේ අතර අධික වර්ෂාවත් සමග ගාල්ල මාතර සහ කළුතර දිස්ත්‍රික්වල පහත් බිම් රැසක් තවදුරටත් ජලයෙන් යටව පවතී. ගාල්ල හා මාතර දිස්ත්‍රිත්කලට ඊයේ රාත්‍රී සිට ඇද හැළෙන අධික වර්ෂාවත් සමඟ නිල්වලා ගඟ ප්‍රෙද්ශ කිහිපයකින් පිටාර මට්ටමට පැමිණ තිෙබ්. ඒ අවට පහත් බිම් රැසක් ජලයෙන් යටව ඇතැයි අප වාර්තාකරුවෝ සඳහන් කළහ.මගුර ගඟ පිටාර ගැලීමත් සමග කළුතර පාලින්ද නුවර ප්‍රාදේශීය ලෙක්ම් කොට්ඨාසයට අයත් මගුර සහ නිදලන යන ප්‍රදේශ වල පහත් බිම් ජලයෙන් යටව තිබිණ.

මේ අතර පවතින වැසි තත්ත්වය හේතුවෙන් අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ දූල්වැල්ල – ගිරිකොල මාර්ගයත් අද උදෑසන ජලයෙන් යට වී තිබිණ.

පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් කුකුලේ ගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර තිබේ.

මේ හේතුවෙන් බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ දඹල සහ ඇටඹගස්හන්දිය යන ප්‍රදේශවල මාර්ගයන් සහ පහත් බිම් අද පෙරවරුවේ ජලයෙන් යටව පැවතියේ මෙලෙසිනි.

මේ හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල ඇත. මේ අතර අධික වර්ෂාවත් සමග පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් හතරක් යොදවා ඇතැයි නාවික හමුදාව පවසයි.

නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ, පසුගිය 04 වැනිදා සිට අදාළ ප්‍රදේශවලට සහන කණ්ඩායම් යොදවා ඇති බවයි.

මේ අතර බදුල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට පැනවූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, නාගොඩ සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිෙබ්.

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අගලවත්ත සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටත් අනතුරු ඇඟවීම් නිකුත් කළ බව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කෙළ් ය.

එම ප්‍රදේශවල ජනතාව ගල් පෙරළීම්, නායයෑම්, පොළව ගිලා බැසීම්, පස් කඳු කඩා වැටීම් වැනි තත්ත්වයන් පිළිබඳ විමසිලිමත් විය යුතුයි.

මේ අතර අදත් බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි 75 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ පළාතෙත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

ඌව සහ මධ්‍යම පළාත්වලත්, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක රාත්‍රී කාලයේදී වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01