Empty Ad
AFC Banner
Empty Ad

ධාවනය වෙමින් තිබූ බසයේ රෝදය ගැලවී වීසිවෙලා..

බදුල්ල සිට බුදුක්කන්ද දක්වා පෙරේදා (4) සවස ධාවනය වෙමින් තිබු ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවට අයත් බසයක ඉදිරී රෝදයක් ගැලවී ඉවතට විසිවී ඇති අතර බය පෙරළීමට ලක් නොවන සේ පාලනය කර ගැනීමට රියැදුරා සමත්ව තිබේ.

රියැදුරාගේ මේ ආරක්ෂක පියවර නිසා මෙම බසයේ ගමන් ගත් 40 ක් පමණ වූ මගීන්ට කිසිම අනතුරක් සිදුනොවීමද විශේෂත්වයකි. බදුල්ල මධ්‍යම බස් නැවතුම්පොළෙන් සවස 6.00 ට පමණ පිටත් වූ මෙම බස්රථය 6.20 ට පමණ සොරණාතොට මංසන්ධිය ප්‍රදේශයෙන් ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව තිබේ.

බදුල්ල, බුදුගේස්කන්ද මාර්ගය කඳු හා බෑවුම් සහිත මාර්ගයකි. මෙවන් බස්රථ නිසි පරික්ෂාවකින් තොරව ධාවනයේ යෙදවීම නිසා මේ මගේ ජීවිතවලට දැඩි අවදානමක් ඇති වී තිබෙන බව මගීහු කියති.

බදුල්ල සිට මඩොල්සිම හරහා මැටිගහතැන්න දක්වා ධාවනය වෙමින් තිබූ බදුල්ල ඩිපෝවට අයත් ශ්‍රී ලංගම බරථයක් පසුගිය වසරේ ජනවාරි 9 වැනිදා මාළිගාතැනේදී මහා ප්‍රපාතයකට පෙරළී මගීන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් බරපතළ තුවාල ලැබූ අතර එම අනතුරට හේතුවද කාර්මික දෝෂයක් බව ඒ පිළිබඳව කරන ලද පරික්ෂණයේදී අනාවරණය විය.

මෙම බස්රථය සඳහා විකල්ප බස් රථයක් ලබාදීමට ලංගම බලධාරිහු තවමත් අසමත් වී ඇති බව මිට්ටිගහතැන්න ගම්වැසියෝ පවසති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ජනපති අනුරට විහිළු කරයි
17:52
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50

?