AFC Banner
Empty Ad
Empty Ad

ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයකට ගල් සංග්‍රහයක්

කුරුණෑගල සිට හලාවත දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇති යතුරු පැදිකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.

14 වෙනිදා පෙරවරු 7.30 ට පමණ හලාවත – කුරුණෑගල මාර්ගයේ විලත්තව ප්‍රදේශයේදී ගල් ප්‍රහාරය එල්ල කිරීම සිදුවී ඇත.

ගල් ප්‍රහාරයෙන්  බස් රථයේ ඉදිරිපස වා මුවාවට හානි සිදුවී ඇති  බව එහි රියදුරු ලෙස කටයුතු කර ඇති හලාවත – නැගෙනහිර කරවිටාගාරයේ පදිංචිකරුවෙකු වන රංකොත්පේඩිගේ අජිත් රූපසිංහ යන අය පොලීසියට පැමිණිළි කරමින් සදහන් කර ඇත.

ගල් ප්‍රහාරය හේතුවෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැත.ගල් ප්‍රහාරය එල්ල කරන ලද්දේ කව්රුන් විසින්ද,කුමන හේතුවක් නිසාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය කියයි.

හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?