ධානිෂ් අලීට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලී නැමැත්තා ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ අද (15) නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔහුට රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත්තේ.

පසුගිය ජුලි 09 වනදා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ ධානිෂ් අලී රක්ෂිත බන්ධනාගාරව පසුවුණා.

කෙසේ වෙතත් ඇප මත නිදහස් වීමෙන් පසුව ඔහුට කුරුඳුවත්ත පොලීසියට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසත් අධිකරණය දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?