AFC Banner
AFC Banner
Empty Ad

ධර්ම ශාලාවක තරුණයෙකුගේ මළ සිරුරක්

නවගත්තේගම රළපනාව ප්‍රදේශයේ පිහිටි ආරණ්‍ය සේනාසනයක ධර්ම ශාලාවේ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

මියගොස් ඇත්තේ නවගත්තේගම ප්‍රදේශයේම පදිංචි 19 තරුණයෙක් බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

ඔහු ඊයේ රාත්‍රීයේ සිට ආගිය අතක් නොමැති වීම හේතුවෙන් සෙවීම ආරම්භ කර තිබුණේ ඔහුගේ පියා සහ රළපනාව ප්‍රදේශවාසින් විසින්.

එලෙස සොයා බැලීමේ දී තම දරුවා ධර්ම ශාලාවේ ගෙල වැලලාගෙන සිටින ආකාරය දැක ගැනීමට ලැබුණු බව පියා ප්‍රකාශ කර තිබෙනවා.

එම ස්ථානයේ අධික ලෙස රුධිරය වහනය වී තිබූ බව නවගත්තේගම ප්‍රකාශ කර ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහලට යොමුකර තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක අතර සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?