Empty Ad
AFC Banner
Empty Ad

ධම්මික පැණියේ සායනික පරීක්ෂණවල අවුලක්

කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් ලෙස දේශිය වශයෙන් නිෂ්පාදිත ධම්මික පැණිය සම්බන්ධයෙන් කෙරෙන සායනික පරීක්ෂණ සඳහා පුද්ගලයන් යොමු වීමේ ප්‍රවණතාව ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව රජරට විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ආරංචි මාර්ග පවසයි. මේ අනුව පරීක්ෂණ සඳහා කැමැත්ත පළ කරන පුද්ගලයන් සංඛ්‍යාව සියයට දහයේ සිට සියයට තුනක් දක්වා අඩු වී ඇතැයි ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

වෛද්‍ය පීඨයට ආසන්න රෝහල් දෙකකට වෙනත් රෝගාබාධ සඳහා නේවාසිකව ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් එම පරීක්ෂණ කටයුතුවලට යොමු කෙරේ. අමතර ආබාධවලින් තොර, සති දෙකක කාලයක් පරීක්ෂණ කටයුතු සඳහා නේවාසිකව සිටිය හැකි රෝගීන් මේ සඳහා යොදා ගැනේ. එවැනි රෝගීන් සියදෙනකුගෙන් දස දෙනෙක් පමණ පරීක්ෂණය සඳහා කැමැත්ත පළ කළ නමුත් මේ වන විට එම සංඛ්‍යාව සියයට තුනක් හතරක් දක්වා අඩු වී ඇතැයි ද වාර්තා වේ. පරීක්ෂණය සඳහා පුද්ගලයෝ එකසිය විසි අට දෙනෙක් යොදා ගත යුතු වන අතර තවමත් ඉදිරිපත්ව ඇත්තේ පනස් දෙනෙක් පමණකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?