ධනුෂ්ක ගුණතිලක මාස 14කට පසු ක්‍රිකට් පිටියට

ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට ලක්වී නිදොස් කොට නිදහස් කෙරුණු ධනුෂ්ක ගුණතිලකට දේශීය තරග ක්‍රීඩා කිරීමේ තහනම ඉවත් කිරීමට එස්එස්සී ක්‍රීඩා සමාජය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලක අද මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ පැවැත්වෙන එස්එස්සී හා බදුරලිය ක්‍රිකට් සමාජය අතර තරගයේදී හෝ 28 වැනිදා බ්ලූම්ෆීල්ඩ් පිටියේ පැවැත්වෙන එස්එස්සී – බ්ලූම්ෆීල්ඩ් අතර තරගයේදී යළි ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන බව එස්එස්සී ඉහළ නිලධාරියෙක් පැවසීය.

එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ විනය කමිටුව මගින් සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව ඔහුගේ තහනම ඉවත් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ධනිෂ්ක යළි ක්‍රිකට් තරගයකට පිවිසෙන්නේ මාස 14 කට පමණ පසුවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?