ධනුෂ්ක ගුණතිලක ගැන ලංකාවට ආ මහේල කතා කරයි

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වරටය එක්වීමට නොහැකි වීම පිළිබඳ තමා කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන පවසනවා.

තරගාවලියෙන් පසු ඊයේ (06) රාත්‍රීයේ ඕස්ට්‍රේලියාවේ සිට දිවයිනට පැමිණීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

පන්දු යැවීමත්, පිතිකරණය අතින් සහ පන්දු රැකීමේදී සිදුවූ වැරදි හේතුවෙන් ජයග්‍රහණය කිරීමට තිබූ තරග තුන ජයග්‍රහණය කිරීමට නොහැකි වූ බවයි මහේල එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

සිදුවූ වැරදි නිවැරදිකර ගනිමින් අත්දැකීම් සමඟ ඉදිරියට යෑම ඉතාමත් වැදගත් බව සඳහන් කළ මහේල, පරාජයට පත්වූ තරග හොඳ තරගයක් ලබාදී පරාජයට පත්වූ නැවත සඳහන් කර සිටියා.

මේ අතර ඕස්ට්‍ර්ලියාවේ දී අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් මහේලගෙන් විමසා සිටියා.

එහිදී මහේල දැක්වුයේ මෙවන් ප්‍රතිචාරයක්.

“මම හිතන්නේ කනගාටුවට කාරණයක්. අපි අවසාන තරගය ඉවරවෙලා රාත්‍රියේ තමා අපිට දැනගන්න ලැබුණේ. පහුවදා අපි ඕස්ට්‍රේලියාවෙන් පිටත් වුණා. මම ඒ ගැන වැඩි විස්තරයක් දන්නේ නෑ. නමුත් පෞද්ගලිකව ක්‍රීඩකයින්ගේ හැසිරීම් රටාවන් ගැන වගකීමක් භාරගත යුතුයි. ඒත් බලමු ඒ, පරීක්ෂණවලින් මොකක්ද වෙන්නේ කියලා. මම හිතන්නේ එතකන් අපිට කියන්න අමාරුයි මොකද්ද වුණේ කියලා. කණ්ඩායමක් විදියට ගියාම අපි බලන්නේ පුළුවන් තරම් නීතිගරුකව ඒ රටවල්වල හැසිරිලා නැවත මව්බිමට එන එක. ඒ වගේ අවස්ථාවක ක්‍රීඩකයින් අතින් මේ වගේ දේවල් වෙන එක ඉතාම කණගාටුවට කාරණයක්. අපි නීතියට ඉඩදීලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා.”

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත සිඩ්නි පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (07) සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ගුණතිලකගේ නීතිඥවරුන් ඊයේ (06) සිදුකළ ඇප ඉල්ලීම පොලිසිය ප්‍රතික්ෂේප කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23