AFC Banner
Empty Ad
Empty Ad

ධනුෂ්ක ගුණතිලකගේ කඩුල්ල ගැන ක්‍රිකට් ලෝකයේ දැඩි කතා බහක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමේ ICC සුපර් ලීග් තරඟාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ මුහුණ දුන්නා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟයි.

මෙම තරඟය ශ්‍රීලංකා කණ්ඩායම කොදෙව්වන් හමුවේ පරාජයට පත් වුණේ කඩුලු 08කින්. මෙම තරගයේ කාගේත් කතාබහට ලක්වූ සිදුවීම සිදුවූයේ ධනුෂ්ක ගුණතිලකටයි.

පිටියේ ස්ථාවර භාවයක් රඳවා ගනිමින් හොදින් පන්දුවට පහරදෙමින් සිටි ධනුෂ්ක ගුණතිලක ලකුණු 55ක් ලබා සිටියදී ක්‍රිකට් පිටියේ විරළ දැවී යෑමකට හසුවන්නට ඔහුට සිදුවුණා. පන්දු රකින්නට ක්‍රීඩකයින්ට බාධා කිරීමේ වරදට ඔහු දැවී ගියේ තෙවැනි විනිසුරුගේ මතභේදාත්මක තීරණයත් සමගින්.

ධනුෂ්කව දුවද්දී දවා ගන්නට පොලාඩ් විසින් උත්සහ කිරීමේදී සිතාමතාම ඔහුව අවහිර කළ බවට ධනුෂ්කට චෝදනා එල්ල වුණා. අදාළ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් දැඩි විරෝධය පළ කර අතර පොලාඩ්ගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් දෙස් විදෙස් ක්‍රීඩාලෝලීන්ගේ සහ ක්‍රීඩකයින්ගේ දැඩි අවධානය මේ වනවිට යොමුව තිබෙනවා. ඒ අනුව, ධනුෂ්ක ගුණතිලගේ ඉනිම ලකුණු 55කට සීමා විය.

අදාළ විඩියෝව පහතින්

https://youtu.be/nhU_t8LHeWE
Capture 4
264982 0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?