ධනුෂ්ක ගැන සවිස්තරාත්මක වාර්තාවක් අද හෝ හෙට ක්‍රීඩා අමාත්‍යාංශයට

ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවකට මේ වනවිට අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක
ධනුෂ්ක ගුණතිලක රැඳවුම් මධ්‍යස්ථානය තුළ ගෙවන ජීවිතය සම්බන්ධ සවිස්තරාත්මක වාර්තාවක් ගෙන්වා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතුකර තිබෙනවා.

ඒ, අනුව අදාළ වාර්තාව අද හෝ හෙට දියයේදී ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වුණේ.

ඕස්ට්‍රේලියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් මෙම වාර්තාව ලබාගැනීමට නියමිත අතර, එරට පිහිටි ශ්‍රී ලංකා තානාපතිවරයා සම්බන්ධ කරගනමින් මේ පිළිබඳව විස්තර විමසා ඇති බවත් වාර්තා වනවා.

මේ වනවිට ධනුෂ්ක ගුණතිලක යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි ක්‍රීඩා අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

මේ අතර ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටීමට හෝ කිසිඳු ආකාරයක ප්‍රකාශයක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ කිසිඳු නීතීඥයෙකුට බලය පවරා නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් නීතීඥයන් කිහිපදෙනෙකු විසින් මෑතක දී කරන ලද ඇතැම් ප්‍රසිද්ධ ප්‍රකාශයන් තුළින් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පෙනී සිටිනවා ය යන හැඟීම ඇති කරන බව ක්‍රිකට් ආයතනයට නිරීක්ෂණය වූ බව එම ආයතනය දක්වා සිටිනවා.

ඒ, හේතුවෙනුයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ නිවේදනය නිකුත්කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40