ආණ්ඩුවට එරෙහි ව සමගි ජන බලවේගය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට පක්ශ ව මේ මොහොත වන විට මන්ත්‍රීවරුන් 120කට ආසන්න පිරිසකගේ සහයෝගයක් ලැබී ඇති බව වාර්තා වෙනවා. සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨයකු සඳහන් කර සිටින්නේ අද (25) එම ගණන තවත් ඉහළ යනු ඇති බවයි.
මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට සහයෝගය ලබාදෙන මන්ත්‍රීවරුන්ගේ අස්සන් ලේඛනයක් ද ආණ්ඩු පක්ශයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් සකස් කර තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත බව යි වාර්තා වෙන්නේ.
නමුත් ඒ සඳහා මේ වන විට අස්සන් තබා ඇත්තේ මන්ත්‍රිවරුන් 67ක් පමණක් බවයි වාර්තා වන්නේ. මේ අනුව පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 අතරින් 187කගේ පාර්ශවීයභාවය තහවුරු වී තිබෙනවා.
මේ නිසා ඉතිරි මන්ත්‍රීවරුන් 38 දෙනාගේ පාර්ශවීයභාවය යම් තරමකට පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීමට බලපානු ඇති බව යි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.