දොර පොල්ලෙන් ගසා සැමියා බිරිඳව ඝාතනය කරලා

අගලවත්ත පොලිස් වසමේ දෙල්පාවත්ත ප්‍රදේශයේ දී කාන්තාවකට පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (01) උදෑසන මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 79ක දෙල්පාවත්ත, මහගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වුණේ.

ඝාතනයට ලක්වූ කාන්තාව සහ සැමියා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන්, සැමියා විසින් දොර පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු මෘත ශරීරය ඥාතීන් වෙත භාර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සිදුකළ බව කියන වයස අවුරුදු 84ක සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර, අඟලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?