දොඹෙන් යන්න පැරදුණු මහින්දානන්ද රටිනුත් පනියි ?

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දිවයිනෙන් පිටත්ව ‍යාමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළේ; කටුනායක ගුවන්තොටුපොළින් අද (16) පස්වරුවේ හිටපු අමාත්‍යවරයා පිටත්ව යාමට පිඹුරුපත් සකසා ඇති බවයි.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා යළි ශ්‍රී ලංකාවට නොපැමිණෙනු ඇති බවට ද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ පිළිබඳව නිල වශයෙන් තහවුරු කරගැනීමට දසත ප්‍රවෘත්ති අංශය හිටපු අමාත්‍යවරයාගේ දුරකථනයට ඇමතුම් ගත්ත ද ඔහු දුරකථනය විසන්ධි කර තිබුණා.

අද පෙරවරුවේ හිටපු අමාත්‍යවරයා තමන් දේශපාලනයෙන් සමු ගන්නා බවට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසුවා.

නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමිනුයි හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මෙවර මහ මැතිවරණයේ දී නාවලපිටිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කළ හිටපු අමාත්‍යවරයාට සිය ආසනය අහිමි වුණේ ජාතික ජන බලවේගය හමුවේ දැවැන්ත පරාජයක් ද විඳ දරාගැනීමට සිදු කරමින්.

දශක හතක කාලයක් අලුත්ගමගේ පරම්පරාව නාවලපිටිය ආසනයේ ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වු බවත්, ඉන් දශක තුනක් තමන් දේශපාලනයේ නිරත වු බවත්, මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තමන්ගේ සේවය අවශ්‍ය නොවන බවට මෙවර පැවති මහ මැතිවරණයෙන් පෙන්නුම් කර ඇති නිසා තමන් දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කළ බව ද හෙතෙම ප්‍රකාශ කළා.

මෙවර පැවති මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණෙන් ගෑස් සිලින්ඩරයෙන් මහනුවර දිස්ත්‍රික්කය වෙනුවෙන් තරග කළ මහින්දානන්ද මහතා හට හිමිවුණේ ඡන්ද 20401ක් පමණයි.

එවන් පසුබිමක දීයි හිටපු අමාත්‍යවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව යාමට සැලසුම් සකස් කර ඇති බවට වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
5
+1
132
+1
3
+1
5
+1
5
+1
26
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25