දොඩම්වත්තේ චූටි නංගී ඇතුළු තිදෙනෙකු කොටුවෙයි

මහියංගණය – දොඩම්වත්තේ කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ‘චූටි නංගී’ ලෙස හඳුන්වන තැනැත්තිය ඇතුළු තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර සැකකාරිණියගේ පියා හා මස්සිනා ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.

මහියංගණය පොලිසියට ලද තොරතුරක් මත මෙම සැකකරුවන් ව අත්අඩංගුවට ගැනුණා.

සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10.4ක්, ජංගම දූරකථන 11ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ බවට සැක කෙරෙන මුදලින් රුපියල් 119,000ක මුදලක් සමග සැකකරුවන් ව ඊයේ (24) අත් අඩංගුවට ගැනුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය මීට පෙර ද මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ තැනැත්තියක් බවත් ඇයගේ මව ද මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් තැනැත්තියක් බව ද පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
6
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?