දේශීය ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයින් 280කට රක්ෂණාවරණ පිරිනැමේ

2025 / 2026 අන්තර් සමාජ ක්‍රිකට් පිටියේ ප්‍රධාන තරගාවලි නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ට සහ කණ්ඩායම් පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා රක්ෂණාවරණ ක්‍රමයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිරිනමනු ලබනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් 2023 වර්ෂයේදී මෙම රක්ෂණාවරණ ක්‍රමවේදය හඳුන්වා දුන් අතර 2025 තරගවාරයේ දී අඛණ්ඩව තුන්වන වරට මෙම ක්‍රමය ක්‍රියාත්මක වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

මෙවර තරගවාරය සඳහා ක්‍රීඩා සමාජ 14 ක ක්‍රීඩකයින් 280 දෙනෙක් සහ කණ්ඩායම් සහායක කාර්යය මණ්ඩලයේ 70 දෙනෙක්ටද මෙම ප්‍රතිලාභ හිමි වනවා.

තරග කාලය තුළ ඇතිවිය හැකි අනපේක්ෂිත අනතුරු සහ සෞඛ්‍ය ගැටලු තත්ත්වයන් මෙම වැඩසටහන මඟින් ආවරණයක කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරමුණ බව එම ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?