දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ (03) සිය සහතිකය සටහන් කළා.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය 19 වන දින පැවැත්වුණු අතර එහිදී එම පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වුණා.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධන සහිතව සම්මත කිරීම මගින් බදු පරිපාලන ක්‍රියාවලීන් නවීකරණය කිරීම, පවතින ප්‍රතිපාදන වඩාත් පැහැදිලි කිරීම, බදු අනුකූලතාවය සහ බදු නීති බලාත්මක කිරීම සහ ශක්තිමත් කිරීම සිදු කෙරේ. එමෙන්ම, බදු ගණනය කිරීම් සහ බදු අඩු කිරීම් වඩාත් නිවැරදි කිරීම, උපායමාර්ගික ආර්ථික අවශ්‍යතාවලට සහයෝගය දැක්වීම මෙන්ම විනිවිදභාවය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ශ්‍රම ශක්තිය ඉහළ නැංවීම ද මෙම පනතේ අරමුණු වනවා.

සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය භාවිත කිරීම අනිවාර්ය කිරීම, ආදායම් ගණනය කරන ආකාරය පිළිබඳව සංශෝධන කිහිපයක් සිදු කිරීම, විශේෂිත ව්‍යාපෘති සහ ව්‍යාපාර සඳහා ලබාදෙන බදු නිදහස් කිරීම් වඩාත් පැහැදිලි කිරීම, අදාළ බලධාරීන් වෙත තොරතුරු හෙළිදරව් කිරීමේ පරාසය පුළුල් කිරීම යන ප්‍රධානතම
වෙනස්කම් කිහිපයක් මෙම නව පනත මඟින් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස බලාත්මක වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ සමාගම් ජනතාවගේ වාහන කොල්ලකනවා - ප්‍රධාන අනුග්‍රහය දෙන්නේ පොලිසිය
09:57
Video thumbnail
ආණ්ඩුව වෙනුවෙන් SB හඬ නගයි - සේවා කාලය දීර්ඝ කිරීම හොඳයි
07:00
Video thumbnail
ගමට ගෙනා පුංචි ආණ්ඩුව ගැන ලාල්කාන්ත කට අරියි - දැන් ගම බලාගන්න ඕනි ඔයගොල්ලෝ
10:00
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කෝ.. සජිත් රිදෙන්නම දෙයි
07:31
Video thumbnail
වතුර තියෙන තැන් හොයාගෙන යන මාළු..මනුස්සයෙක්ට නාගන්න විදියක්වත් නෑ..වැඩත් නෑ
03:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක් - සමහර දිස්ත්‍රික්ක සඳහා ගිගුරුම් සහිත වැසි ?
03:58
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි - "උඹට මං ඊළඟ පාර අනිවාර්යෙන් ග#නවා"
01:06
Video thumbnail
සජිත් මැතිතුමනි අපේ ජනපති වේවා - සජිත්ගෙන් වැඳලා ඉල්ලයි
01:27
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59