දේශබන්දු, රණවීර හා සෙව්වන්දි තවමත් අතුරුදන් – තොරතුරක් ඇතොත් දැනුම්දෙන්න

අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ව අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් 15ක් යොදවා තිබෙනවා.

මෙම විමර්ශනය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් අදට (19) දින 19ක් ගත ව ඇතත් දේශබන්දු තෙන්නකෝන් ව සොයා ගැනීමට නොහැකි ව තිබෙනවා.

වැලිගම හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි දේශබන්දු තෙන්නකෝන් ව අත් අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් නිකුත් කරනු ලැබුවේ.

ඊයේ (18) පස්වරුවේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දේශබන්දු මහතාගේ නැගෙනහිර හෝකන්දර පිහිටි නිවසට ගොස් පරීක්ෂා කිරීමේ දී එහි තිබී විදෙස් මත්පැන් බෝතල් 120ක් ඇතුළු තවත් සැක කටයුතු භාණ්ඩ රැසක් ද සොයාගෙන තිබෙනවා.

එමෙන්ම දේශබන්දු තෙන්නකෝන්ගේ දේපොළ හඳුනාගැනීම සහ ඒ සම්බන්ධයෙන් වන ලැයිස්තුගත කිරීමක් ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර කිරිබත්ගොඩ පිහිටි රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා විකිණීමේ චෝදනාවට මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට අදාළ නීතිවිරෝධී ක්‍රියාවට අනුබල දුන් චෝදනාවට හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීරට ද උසාවියෙන් විදෙස් ගමන් තහනමක් පැනවූවා.

කෙසේවෙතත් ප්‍රසන්න රණවීර හෝ පසුගිය පෙබරවාරි මස 18 වැනිදා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී වෙඩි තබා ඝාතනය කෙරුණු ගනේමුල්ල සංජීවට වෙඩි තැබීමට සහාය දුන් ඉෂාර සෙව්වන්දි ව හෝ මෙතෙක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට හැකි ව නැහැ.

ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිණිය අතුරුදන් ව මේ වනවිට මාසයක් ගත වනවා.

එබැවින් දේශබන්දු තෙන්නකෝන්, ඉෂාරා සෙව්වන්දි සහ ප්‍රසන්න රණවීර සොයා ද පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඊයේ (18) පැවසුවේ අභියාචනාධිකරණය දුන් තීන්දුව වටිනා බවත්, දේශබන්දු තෙන්නකෝන්ට රැකවරණය දෙන සියලු ම දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නියෝග කර ඇති බවයි.

එමෙන්ම මෙම සැකකරුවන් තිදෙනා ගැන යම් තොරතුරක් වෙතොත් පොලිසියට දැනුම්දෙන ලෙසට ද මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34