දේශබන්දු තෙන්නකෝන්ගේ පොලිස්පති සිහිනය බොඳ වෙයි? (ඡායාරූප)

අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් රුපියල් 17,850,000ක මුදල සම්බන්ධයෙන් නීත්‍යානුකූල නොවන නියෝගයක් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලබාදීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට චෝදනා එල්ලවී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත වාර්තාවක් යොමු කරමින් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් සිදු කළ මූලික විමර්ශණ වාර්තාව චෝදනා පත්‍ර ද සමගින් ඉදිරිපත් කර තිබෙනවා.

පසුගිය 2022 වසරේ ජුලි මස 9 වනදා ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් මුදල කොටුව පොලිස් ස්ථානයට භාරදීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාට අමතරව කොළඹ මධ්‍යම දිස්ත්‍රික් ii භාර සහකාර පොලිස් අධිකාරී කේ. ඒ. ඊ. එන්. දිල්රුක්ට ද චෝදනා එල්ලවී තිබෙනවා.

ඒ කොටුව පොලිස් ස්ථානයට භාරදී තිබූ අදාළ මුදල සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අධීක්ෂණයක් සිදු නොකිරීම සම්බන්ධයෙනුයි.

එවකට කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසට කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. එස්. ඩබ්ලිව්. ලියනගේට ද චෝදනා එල්ලවී ඇති අතර ඒ අදාළ මුදල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා නොකිරීම සහ ඊට අනුෂංගික වෙනත් කරුණු සම්බන්ධයෙන්.

කොළඹ මධ්‍යම කොට්ඨාශයේ අපරාධ විමර්ශණ කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ඒ. එච්. ඩී. පෙරේරා මහතාට ද මෙම විමර්ශන කමිටුව මගින් චෝදනා ගොනුකර තිබෙනවා.

ඒ කොටුව පොලිසියට භාරදුන් මුදල සම්බන්ධව නිසි විමර්ශනයක් සිදු නොකිරීම හා ඊට අනුෂංගික වෙනත් කරුණු සම්බන්ධයෙන්.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට මෙවැනි චෝදනාවක් එල්ලවී ඇති පසුබිමක ඔහු මීළග පොලිස්පතිවරයා ලෙසට පත් කරන බවට වාර්තා පළවී තිබුණා.

දේශබන්දු තෙන්නකෝන් මහතා මීළඟ පොලිස්පතිවරයා බවට පත් වීමේ සටන සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති කළේ අද උදෑසන පටන් ප්‍රසිද්ධ මාධ්‍ය කිහිපයක් වාර්තා කළ පුවතක් හේතුවෙන්.

එම මාධ්‍ය වාර්තා කර තිබුණේ මීළඟ පොලිස්පතිවරයා ලෙසට දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බවයි.

මෙරට පොලිස්පතිවරයා පත්කිරීම සිදු කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාව මගිනුයි.

එලෙස තීරණයක් ගැනීම සඳහා ව්‍යවස්ථාදායක සභාව රැස්වී නොමැති මොහොතක කිසිදු පදනමක් නොමැතිවයි මෙලෙස මාධ්‍ය වාර්තා පළවී තිබුණේ.

ඒ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී තහවුරු වූයේ පොලිස්පතිවරයෙකු සම්බන්ධයෙන් මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම තනතුර සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට නියමිත බව අදාළ වාර්තාවල සඳහන් වූ අතර වත්මන් පොලිස්පතිවරයා එළඹෙන 25 වනදා විශ්‍රාම ගැනීමට නියමිතයි.

Deshabandu Thennakoon Letter1
Deshabandu Thennakoon Letter2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34