දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු යෝජනාව පිළිබඳ ව විමර්ශනය කිරීමට විමර්ශන කමිටුවක් ද පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
සරල බහුතරයකින් (ඡන්ද 113කින්) එම විමර්ශන වාර්තාව සමගින් ඇති යෝජනාව සම්මත විය යුතු අතර එම විශේෂ කමිටුව සඳහා ඇතුළත් වන සාමාජිකයින් කිහිපදෙනෙකු ද වනවා.
ඒ අතර අග්‍ර විනිශ්චයකාරවරයා විසින් පත් කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති සහ පරිපාලන ක්ෂේත්‍රයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුගෙන් විමර්ශන කමිටුව සමන්විත වනු ඇති.
ඒ අනුව සමස්තයක් ලෙස අදාළ විමර්ශන කමිටුවේ වාර්තාව අප්‍රේල් මස 08 හෝ 09 යන දෙදිනෙන් එකකදී පාර්ලිමේන්තුවට යොමු කර සම්මත කරගැනීමට නියමිතයි.