මේ වනවිට තාවකාලිකව වැඩ තහනමක ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව අද (16) දිනයේ සිට දිනපතා රැස්වීමට නියමිතයි.
විමර්ශන කටයුතු අවසන්වන තුරු මෙම පරීක්ෂණ කමිටුව දිනපතා රැස්වනු ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද පෙරවරුවෙත් මෙම කමිටුව හමුවේ පෙනී සිටිමට නියමිතව තිබෙනවා.
මෙම පරීක්ෂණ කමිටුව පසුගිය 11 වනදා අවසන් වරට රැස් වූ අතර, එහිදී සාක්ෂිකරුවන් සිවුදෙනෙකු විසින් සාක්ෂි ලබාදීම සිදු කරනු ලැබුවා.
එහිදී පරීක්ෂණ කමිටුව විසින් ද නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන අය ද වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම ද සාක්ෂිකරුවන‍්ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදුකළා.





