දේශබන්දු ගැන හොයන කමිටුව අද සිට දිනපතා රැස්වෙයි

මේ වනවිට තාවකාලිකව වැඩ තහනමක ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව අද (16) දිනයේ සිට දිනපතා රැස්වීමට නියමිතයි.

විමර්ශන කටයුතු අවසන්වන තුරු මෙම පරීක්ෂණ කමිටුව දිනපතා රැස්වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද පෙරවරුවෙත් මෙම කමිටුව හමුවේ පෙනී සිටිමට නියමිතව තිබෙනවා.

මෙම පරීක්ෂණ කමිටුව පසුගිය 11 වනදා අවසන් වරට රැස් වූ අතර, එහිදී සාක්ෂිකරුවන් සිවුදෙනෙකු විසින් සාක්ෂි ලබාදීම සිදු කරනු ලැබුවා.

එහිදී පරීක්ෂණ කමිටුව විසින් ද නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන අය ද වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම ද සාක්ෂිකරුවන‍්ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදුකළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16