දේශබන්දුව පොලිස්පති කළ රනිල් උසාවිය ඉදිරියේ වගඋත්තරකරුවෙකු වෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතා ව්‍යවස්ථා විරෝධීව පොලිස්පති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) අවසර ලබා දුන්නා.

රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ජනාධිපති ධුරයෙන් නික්ම ගොස් ඇති හෙයින් ඔහුගේ මුක්තිය ඉවත් වී ඇති නිසා ඔහු නමින් ම වගඋත්තරකරුවකු කිරීමට අවසර දෙන ලෙස අද මෝසමක් මගින් පෙත්සම කැඳවූ අවස්ථාවේ දී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව කරුණු සලකා බැලූ ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල රනිල් වික්‍රමසිංහ මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අවසර ලබාදීමට නියෝග කළා.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව කියමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සගමය මෙම පෙත්සම ගොනු කර තිබුණා.

මීට පෙර මෙම පෙත්සම තවත් පෙත්සම් හතක් සමග කැඳවූ අවස්ථාවේ දී දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම තාවකාලිකව නතර කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් වුණා.

එසේම ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිත්, කතානායකත්, දේශබන්දු තෙන්නකෝන් මහතාත් මූලික අයිතිවාසිකම් කඩ කර ඇත්දැයි සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ඒ අනුව මේ වන විට මෙම තීරණය ගත් ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් නික්ම ගොස් ඇති හෙයින් ඔහුගේ මුක්තිය අවසන් බවත්, ඒ අනුව වික්‍රමසිංහ මහතා නමින් වගඋත්තරකරුවකු කිරීමට හැකියාව ඇති බවත් අද කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කෙරුණා.

හියුමන්ට් රයිට්ස් ලෝ චේම්බර්ස් වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ මහත්මිය මාර්ගයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇති අතර නීතිඥ මනුජය ද සිල්වා මහතා සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අද පෙනී සිට පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?