දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව අද (05) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
මෙම ඡන්ද විමසීමේ දී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් ලැබුණු අතර, යෝජනාවට විරුද්ධව කිසිඳු ඡන්දය හිමිවූයේ නැහැ.
ඒ, අනුව අදාළ යෝජනාව වැඩි ඡන්ද 177 කින් පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බවයි කතානායකවරයා දැනුම් දුන්නේ.
කෙසේ වෙතත් ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ සභා ගර්භයේ රැඳී සිටි එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා එලෙස ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවයි පාර්ලිමේන්තුව නිවේදනය කළේ.
මේ අතර මෙම ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කළ මැති ඇමතිවරුන්ගේ නාම ලේඛනය මේ වනවිය පාර්ලිමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඡන්දය ප්‍රකාශ කළ මැති ඇමතිවරුන්ගේ නාම ලේඛනය මෙතැනින්.





