AFC Banner
Empty Ad
Empty Ad

දේශබන්දුට එරෙහිව ගොනු වූ ගෝල්ෆේස් අරගල නඩුවක් ලබන වසරට කල් යයි

ගාලු මුවදොර පිටියේ රැඳී සිටි අරගලකරුවන්ට පොලු මුගුරුවලින් පහරදීම වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් උපදෙස් බලරහිත කරමින් අභියාචනාධිකරණය ලබා දී තිබු නියෝගය අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අභියාචනය ලබන වසරේ පෙබරවාරි 21 වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

ඊයේ (03) ඊට අදාළ අභියාචනය මුර්දු ප්‍රනාන්දු, කුමුදුනි වික්‍රමසිංහ, දිලිප් නවාස් යන මහත්ම මහත්මිගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

2022 වසරේ මැයි 09 වැනිදා අරලිය ගහ මන්දිරයේ පැවැත්වු රැස්වීමෙන් අනතුරුව ගාලු මුවදොර පිටියේ රැඳි සිටි නිරායුධ අරගලකරුවන්ට පොදුජන පෙරමුණේ ක්‍රියාකාරින් පිරිසක් විසින් සිදුකල අමානුෂික පහරදීම වළක්වා ගැනීම නිසි පියවර නොගත් එවකට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කර දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සැකකරුවකු ලෙස නම් කිරීමට නීතිමය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබූ බවයි දසත අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එකී උපදෙස් ලබාදීම අභියෝගයට ලක්කරමින් දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනු කළ රිට් අඥා පෙත්සම සලකා බැලු අභියාචනාධිකරණය එම උපදෙස් බලරහිත කරමින් නියෝගයක් නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?