දේශබන්දුගේ විනය පරීක්ෂණයට අදත් සාක්ෂිකරුවන් තුනක් ඇවිත් සාක්කි දෙති

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේ දී අද (16) තවත් සාක්ෂිකරුවන් තිදෙනෙකු
විසින් සාක්ෂි ලබාදීම සිදු කරනු ලැබුවා.

මෙම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් අද පාර්ලිමේන්තුවේ දී රැස් වූ
අවස්ථාවේදී පෙ. ව 9.30 සිට ප.ව 7.30 දක්වා මෙසේ සාක්ෂි ලබා ගැනීම සිදු වූ බවයි වාර්තා වන්නේ.

පසුගිය 11 වැනිදා සාක්ෂිකරුවන් සිව්දෙනෙකු කම්ටුව හමුවේ සාක්ෂි ලබාදීම සිදු වූ අතර ඉන් එක් සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි ලබාදීම අවසන් කිරීමට එදින නොහැකි වුණා.

මේ නිසා එම සාක්ෂිකරු ද අද දින පැමිණි අතර ඔහුගේ සාක්ෂි ලබාදීම අවසන් කිරීම සිදු කළා.

මීට අමතරව තවත් සාක්ෂිකරුවන් තිදෙනෙකු සාක්ෂි ලබාදී අවසන් කිරීම අද දින සිදු වුණා.

මෙහිදී පරීක්ෂණ කමිටුව විසින් ද නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් ද වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතා ද සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළා.

මේ වන විට සාක්ෂිකරුවන් 7 දෙනෙකු කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම අවසන් අතර හෙට (17) දින ද පෙ.ව. 9.30 පරීක්ෂණ කමිටුව රැස්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34