දේශබන්දුගේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ – නඩු ගාස්තුත් ගෙවීමට නියෝගයක් (වීඩියෝ)

තමාව අත්අඩංගුවට ගැනීමට වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ගොනු කරන ලද රිට් පෙත්සම අභියාචනාධිකරණය මගින් නිෂ්ප්‍රභ කෙරුණා.

අද (17) පෙරවරුවේ එම පෙත්සම අභියාචනාධිකරණයේ දී විභාගයට ගනිමින් අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණු අතර ඔහුට නඩු ගාස්තුව වශයෙන් රුපියල් 150,000ක් ගෙවීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළා.

නියෝගය ප්‍රකාශයට පත් කිරීමට පෙර අද උදෑසන මෝසමක් මගින් නඩුවට අත්‍යවශ්‍ය ලේඛන කිහිපයක් ඉදිරිපත් කිරීම ද සිදු කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඬුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු ලෆාර් මහතා සඳහන් කළේ මෙහි පෙත්සම්කරු සාමාන්‍ය පුරවැසියෙකු නොව, ඔහු රටේ පොලිස්පතිවරයා බවත් ඔහු වැනි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු නීතියට අවනත නොවී දින 17ක කාලයක් අධිකරණය මග හරිමින් සිටීම බරපතළ වරදක් බවත්, එය දැඩි දෝෂසහගත ක්‍රියාවක් බවයි.

රටේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේ වගකීම පෙත්සම්කරු වෙත පැවරී තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා එවැනි වගකිවයුතු පුද්ගලයකු අධිකරණ නියෝග මග හරිමින් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව නඩු තීන්දුවේ සඳහන්.

මෙවැනි ක්‍රියා තුළින් නීතියේ ආධිපත්‍යයට මෙන් ම නීතිය කෙරෙහි තිබෙන මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු වන බවත් විනිසුරු මඬුල්ල පැවසුවා.

පහළ අධිකරණවලට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ තිබිය යුතු බව පෙන්වා දුන් විනිසුරුවරයා ඔවුන්ගේ කටයුතුවලට මැදිහත්වීමට ඉහළ අධිකරණ අපේක්ෂා නොකරන බවත් සඳහන් කළා.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ යම් ගැටලුසහගත තත්ත්වයක් තිබුණේ නම්; ඔහු මුලින්ම කළ යුතුව තිබුණේ එම අධිකරණ නියෝගයට අවනත වී පසුව ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම බව සඳහන් කළ විනිසුරුවරයා එහෙත් පෙත්සම්කරු එම නීතිමය මූලධර්මය අනුගමනය කර නොමැති බවත් කියා සිටියා.

සමස්ත කරුණු විශ්ලේෂණය කර බැලීමේදී පෙත්සම්කාර පොලිස්පතිවරයා කටයුතු කළ ආකාරය තුළින් ඔහු පිරිසුදු දෑත්වලින් අධිකරණය හමුවට පැමිණි බවක් පෙනී නොයන හෙයින් ඔහුගේ පෙත්සම සහ අතුරු තහනම් ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව ද විනිසුරු මඬුල්ල සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නා.

සියලු කරුණු සලකා බැලීමේ දී මාතර මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව නීත්‍යනුකූල බව විනිසුරුවරයා සිය තීන්දුව මගින් වැඩිදුරටත් අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
7
+1
3
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29