පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සතු දේපොළ හඳුනාගැනීම සහ ලැයිස්තුගත කිරීම අරඹා තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එය අරඹා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර මේ වනවිට දින 18ක කාලයක් අධිකරණය මගහැර සිටින පොලිස්පති දේශබන්දු මහතාගේ අතුරුගිරිය – හෝකන්දර පිහිටි නිවසින් විස්කි බෝතල් 120 ක් ද සොයාගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (18) දිනයේ දී අනිවාර්‍යය නිවාඩු යවා සිටින පොලිස්පතිවරයාගේ නිවස පරීක්ෂා කිරීමෙන් පසුව මෙය හමු වී ඇති බවයි පැවසෙන්නේ.
මෙම සියලු විස්කි බෝතල් විදෙස් රටක නිෂ්පාදිත ඒවා බවට ද වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1