AFC Banner
AFC Banner
Empty Ad

දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශවලට එරෙහිව ගොනු කළ පෙත්සම් ගැන නිරීක්ෂණ ඉදිරිපත් කරන්නැයි නියෝග

ඉකුත් රජය සමයේ පත් කෙරුණු දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසම විසින් සිදුකර තිබෙන නිර්දේශ හා සොයා ගැනීම් බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙස එම කොමිසමේ සභාපතිවරයා විසින් මතු කර තිබෙන විරෝධතා සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ නිරීක්ෂණ ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කළා.

අදාළ පෙත්සම් අද සලකා බැලීම සඳහා විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පූලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින දේශපාලන පලිගැනීම් පිළිබදව සොයා බැලූ කොමිසමේ සභාපති හා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් තුළින් සඳහන් වන කරුණු විධායක හෝ පරිපාලන ක්‍රියාවන්ට අදාල නොවන හෙයින් ඒවා පවත්වාගෙන යා නොහැකි බවට විරෝධතා මතු කළා.

එහෙත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි උපුල් කුමරප්පෙරුම, සුදර්ශන ගුණවර්ධන ඇතුළු නීතිඥ මණ්ඩලය අධිකරණයට පෙන්වා දුන්නේ වගඋත්තරකාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන විරෝධතාවල කිසිදු පදනමක් නොමැති බවත් අදාළ පෙත්සම් නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට හැකි බවයි.

ඒ, අනුව මෙම විරෝධතාවට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට ද නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම විරෝධතාවට අදාළ නීතිපතිවරයාගේ ස්ථාවරය හා නිරීක්ෂණ මීළඟ දින අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියෝග කළා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම් ඔක්තෝම්බර් මස 12 වන දා යළි කැඳවන ලෙසත් නියෝග කෙරුණා.

මෙම පෙත්සම් ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී තිබුණේ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් සිදුකර තිබෙන නිර්දේශ හා සොයා ගැනීම් සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගනීමට අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් තීරණය කර ඇති බවයි.

ඒ, අනුව අදාළ පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් මතු නොවන බවත් නීතිපතිවරයා විසින් මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණා.

අදාළ කොමිසමේ නිර්දේශ බලරහිත කළ ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, සන්ධ්‍යා එක්නැළිගොඩ ඇතුළු නවදෙනෙකු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?