දේශගුණ විපර්යාස අවම කිරීමට ගෙන ඇති පියවර ගැන අධිකරණයෙන් නියෝගයක්

දේශගුණ විපර්යාස අවම කිරීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් රජය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

දේශගුණක විපර්යාස අවම කිරීම සඳහා රජය විසින් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවත් ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකරනු ලැබූ පෙත්සමක් අද (11) කැඳවූ අවස්ථාවේ දී අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ විසින් මේ බව දැනුම් දෙනු ලැබුවා.

මෙම නඩුව ඉකුත් දිනයේ කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් දේශගුණක විපර්යාස අවම කිරීම සඳහා රජය විසින් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවට චෝදනා කර තිබුණා.

ඒ අනුව අදාළ විපර්යාස අවම කිරීම සඳහා රජය විසින් ගෙන තිබෙන ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් නඩු දිනයේ දී නීතිපතිවරයාට නියෝග කරනු ලැබුවා.

අදාළ පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ විසින් අධිකරණයට එම වාර්තාව ඉදිරිපත් කෙරුණා.

ඉන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් පියවර රාශියක් ගෙන තිබෙන බවයි.

ඒ අනුව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අදාළ වාර්තාව අධ්‍යයනය කර පෙත්සම්කාර පාර්ශ්වයේ නිරීක්ෂණ අගෝස්තු මස 01 වන දා අධිකරණයට දැනුම්දෙන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?