දේශගුණික විපර්යාස පිළිබඳ සොයා බැලීම හා හරිත ආර්ථිකයක් ගොඩනැංවීමේ නව ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ දේශගුණික ක්‍රියාකාරකම්වල ප්‍රගතිය සහ හරිත වර්ධක සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා රජය හා ලෝක හරිත වර්ධක ආයතනය (GGGI) අතර ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ලෝක හරිත වර්ධක ආයතනයේ සභාපති හා එක්සත් ජාතීන්‍‍ගේ හිටපු මහ‍ ලේකම් බන් කී මූන් මහතා ඉදිරියේ යි අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙම ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අනිල් ජාසිංහ සහ ලෝක හරිත වර්ධක ආයතනයේ හි අධ්‍යක්ෂ ජනරාල් ෆ්‍රෑන්ක් රිෂ්බමාන් (Frank Rijsberman) යන මහත්වරුන් විසින් ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

රට තුළ හරිත වර්ධන මූලාරම්භයන් වඩාත් ඵලදායී ලෙස සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට මෙම ගිවිසුම මඟින් හැකියාව ලැබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මෙම ගිවිසුම මඟින් අනාවරණය වන ආයතනවල ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා හරිත දේශගුණික අරමුදල (GCF) විසින් අරමුදල් සපයනු ලබන ජාතික අනුවර්තන සැලැස්ම (NAP) සහ ඒ සඳහා සූදානම් කිරීම‍ට සහාය වන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ද ඊට ඇතුළත්.

මෙම ව්‍යාපෘතියට පළාත් අනුවර්තන සැලසුම් සංවර්ධනය කිරීම සහ එම සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා දේශගුණ අනුවර්තන ආයෝජන හඳුනා ගැනීම ද ඇතුළත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව 2019 දී ලෝක හරිත වර්ධක ආයතනයේ (GGGI) සාමාජිකයෙකු ලෙස එක් වූ අතර, 2022 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාව එම ආයතනයේ උප සභාපති සහ ලෝක හරිත වර්ධක ආයතනයේ උප සභාපති ලෙස තේරී පත් වුණා.

ලෝක හරිත වර්ධක ආයතනය සංවර්ධනය වෙමින් පවතින රටවල සහ නැගී එන ආර්ථිකයන්ට තිරසාර ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට සහාය දැක්වීමට කැපවී සිටිනවා.

එසේම එය හරිත වර්ධන සැලසුම්, ප්‍රතිපත්ති සහ රෙගුලාසි, හරිත ආයෝජන බලමුළු ගැන්වීම, හරිත වර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති උපදෙස් සහ තාක්ෂණික සහාය ලබා දීම, අඩු කාබන් හරිත ආර්ථිකයන් බවට සාමාජික රටවල් පර්වර්තනය කිරිම සඳහා සක්‍රීය පහසුකම් සපයන්නෙකුගේ කාර්යභාරය ඉටු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01